උගත්තු යනු :

යම් කිසි විෂයයක් පිලිබඳ පුළුල් දැනුමක් ඇති තැනැත්තා ඒ විෂය පිලිබඳ උගතෙකි.

බුද්ධිමතෙක් යනු :

අන් අයට සාපේක්ෂව දැනුම, විනය,සහ අවබෝධයෙන් ඉහළ පුද්ගලයා බුද්ධිමතෙකි.

සැ යු – උගත්තු සියල්ලෝම බුද්ධිමතුන් නොවන අතර බුද්ධිමතුන් සමහරු උගත්තු ද නොවේ.එනිසා උගත්තුන්ගෙන් බුද්ධිමත් හැසිරීමක් බලාපොරොත්තු වීම සෑමවිටම සාදාරණ නොවේ.

කොන්දක්‌ ඇතිව ක්‍රියා කිරීම

වරප්‍රසාද නොතකා වැරැද්ද, නිවරැද්ද, වෙනුවෙන් පෙනී සිටිය හැකි පුද්ගලයා කොන්දක්‌ ඇති අයෙකි.

තවද කොන්දක් ඇති අයවලුන් කිසිවෙකුගේ අත කොලු ද නොවිය යුතුය.

චීවරධාරියා :

අටපිරිකර කඩවල ඇති කහ හෝ තැඹිලි පැහැති පඬු පෙවූ පස් හෝ සත් කඩකට කපා මසා ඇති යාර කිහිපයක රෙද්දක්‌ අඳින සිටින පුද්ගලයා චීවරධාරියෙකි.

පැවදි වරු :

සසරෙහි බියකරු සහ නිස්සාර බව තේරුම් ගෙන ගිහි සැප සම්පත් වලින් ඈත්වී තෘෂ්ණාව අවම කරමින් සසර කෙටි කරගැනීමට බුදුන්වහන්සේගේ ධර්මය පිළිපදිමින් සිව්පසය වන් අවම අවශ්‍යතා ඇති

මයිත්‍රී වඩන ගෞරවණීය චීවරධාරීන් පැවදිවරු වෙයි.

සැ යු – චීවර ධාරීන් සියල්ලෝම පැවදි වී නැත.

දේශපාලකයා :

දේශයට හිතැතිව දේශයේ යහපත වෙනුවෙන් සුදුස්සා සුදුසු තැන හිඳවා දේශයට සේවය කිරීම සහ කරවීමේ වගකීම ඇති පුද්ගලයා දේශපාලකයා වෙයි.

වර්තමානයේ අධික ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත් වී ඇති නමුත්

අතීත ලංකාවේ දේශයට හිතැති පාලකයෝ සිටි බවට අනුරාධපුර පොළොන්නරු යුග සාක්ෂි දරා ඇත.

පසු සටහන :සමහරු උගත්තු සහ බුද්ධිමත්තු පටලාගෙන උගත්තුන්ගෙන් බුද්ධිමත් හැසිරීම් බලාපොරොත්තු වී එසේ නොවූ කල හිත් නරක් කරගෙන ඇති අතර තවත් සමහරු චීවර ධාරීන් සහ පැවදි වරු පටලවාගෙන හිත් කළකිරවාගෙන ඇත.

තමන්ට හුරු ජලක්‍රීඩාවේ දක්ෂ වූ ඉබ්බෙකු කට්ට සෝදා පොලිෂ් කර පියඹා පෙන්වන්න කියූ ජනී ජනයා දැන් පියාඹන්න බැරි ඇයි කියා අසමින් ඉබ්බාට චෝදනා කරමින් හිස් ලූ ලූ අත දුවමින් සිටියි.ඉන් නොසන්සුන් වූ ඉබි තෙමේ පියාඹන්න කියන වාරයක් පාසා තමාට හැකි ඉහලම වේගයෙන් ගඟට පැන දිය බොර කරමින් මඩ කරමින් සිටියි.

මේ කරුණු එකකට එකක් පටලගත්ත දෙගොල්ලෝ ගැනම කණගාටුයි

කොළඹ විශ්ව විද්‍යාලය සහ මෙම ළිපිය අතර ඍජු සම්බන්ධයක් ඇති බවට ඔබට සිතුනොත් මට කරන්නට දෙයක් නැත.

එදා ඒ උපාධිය ලබන්නේ මම නම්, එය මා වෙත ප්‍රධානය කරන්නේ කව්ද යන වග මම අදාළ කරගන්නේ නැත. මාගේ වසර ගණනාවක මහන්සිය,රටේ ජනතාවගේ බදු මුදල්, දෙමව්පියන්ගේ සිහින සියල්ලෙහි සුන්දර ප්‍රථිපල ලබන දිනයේ සතුටින් ගොස් මට අදාළ සහතිකය අතේ ඇති කෙනාගෙන් එය බාරගෙන සතුටින් ගෙදර එමි.

එය ලබාදුන් කෙනාට සහ එම පත් වීමට මම එකඟ නැතිනම් මාගේ ඇති විරුද්ධත්වය ඊළඟ මැතිවරණයෙදී ප්‍රකාශ කරමි.

මොකද,මූණත් එක්ක තරහ වෙලා නහය කපා ගත්තම වෙන දේ මොන්ටිසෝරි ටීචර් ඉගැන්නුවා තාම මතක නිසාවෙනි.

මම එසේ වීම ඔබ එසේ විය යුතු යයි කීමක් නොවේ, ඔබට ගන්න හෝ ප්‍රතික්ෂේප කිරීමේ අයිතියක් තියෙනවා.

ඒ මාගේ අදහස ඔබගේ අදහස නොවී නම් ඒ තුල ඇත්තේ පුද්ගල විවිධත්වය මිස අන් කිසිවක් නොවන බව බුද්ධිමත් අයට තේරෙන්න ඕනෙ.

දැන් ඕක ඇති, ඔය ළමයි ගිහින් තමන්ගෙ වැඩක් කරගන්න

පොටෝ එක google එකේ තිබ්බේ, ලස්සන නිසා දැම්මා

අනිශා ජයකොඩි