ළමයින්ට වඩා දෙමව්පියෝ මහන්සි වුණ පහේ ශිෂ්‍යත්වෙ ප්‍රථිපල ඇවිල්ලා ..,

සමහර දරුවෝ පාස් , ගොඩක් දරුවො ෆේල් ..

අනිත් හැම තරඟයකදී වගේම මේකෙදිත්,

පාස් අය සතුටින් ෆේල් අය දුකෙන් , ඒක ඉතින් සාමාන්‍යයි .

ශිෂ්‍යත්වේ කියන්නේ දරුවෙක් මුහුණ දෙන පළවෙනිම තරඟකාරී විභාගේ ,

ඒක පාස් වෙන එක විතරයි ජයග්‍රහණය කියලා හිතුවට ඔය විභාගෙ ෆේල් වෙන එකත් එක්තරා ජයග්‍රහණයක් ,

  • මොකද ජීවිතේ කියන තරඟෙට දරුවා කියන පුංචි මිනිසා enter වෙන්නේ ඔන්න ඔතනින් තමයි .
  • දරුවා කියන පුංචි මිනිසා ජීවිතේ කියන්නේ අමාරු තරඟයක් කියලා මුල්ම වතාවට ප්‍රායෝගිකව ඉගනගන්නේ ශිෂ්‍යත්ව විභාගෙන්
  • ෆේල් වීම කියන එක මොනතරම් දුකද කියලා ලාවට හරි දැනගන්නේ මේ විභාගෙන්
  • ජීවිතේ කියන නොතේරෙන ගමනේදී පාස් වෙන අයට ලැබෙන සැළකිලි ෆේල් වෙන අයට නොලැබෙන බව දැනෙන්නෙත් මේ විභාගෙදි ..
  • ලංකාවෙ ජනතාව අනුන්ගෙ දේවල් ගැන මොනතරම් අවධානයෙන් ඉන්නවද කියලා දරුව ඉගන ගන්නෙ ප්‍රථිපල අහන ජීවිතේට කතා කරලා නැති අසල වැසියන්ගෙන් ..
  • හිතපු දේවල් නොලැබිලා මහන්සි වෙච්ච තරමට ප්‍රථිපල නැතුව විභාගෙ ෆේල් වෙලා ගෙදරින් කිච වෙලා අම්මග ඇස් වල කඳුළු එනකොට තමයි ළමයින්ගෙ සංවේදී නහර හරියටම වැඩ කරන්න පටන් ගන්නෙ .

පරාජය එක්ක දැනෙන සංවේදී සංවේගය නිසා මීට පස්සෙ හොඳට ඉගන ගන්න ඕනේ , කියන මොරාල් එක පාස් උන දරුවටත් වඩා වැඩිපුර ෆේල් උන දරුවට දැනෙනවා .

ඔබේ දරුවා දරුවා ශිෂ්‍යත්වේ පාස් නම් සතුටු වෙන්න , ෆේල් නම් ඒත් ඔබ සතුටු වෙන්න..

මොකද ,

කොහොමත් ජීවිතේ කියල කියන්නෙ තේරුමක් නැති විභාගයක් ,

ඒ ජීවිතේ කියන විභාගෙදි අපි හැමෝම තවත් කෙටි විභාග සිය දහස් ගානකට මුහුණ දෙනවා , සමහර විභාග පාස් , සමහර ඒවා ෆේල් ,

පාස් උනත් ෆේල් උනත් ඒ දෙකම දරාගන්න හැටි දරුවන්ට උගන්නන එක තමයි වෙන්න ඕනෙ ,

සතුටු වෙන්න වගේම දුක් වෙන හැටිත් , ජයග්‍රහණයට වගේම වගේම පරාජයට මුහුණ දෙන හැටිත් දරුවෝ ඉගන ගන්න ඕනෙ .

දැන් ලෝකය ගොඩක් පුළුල් ,

ශිෂ්‍යත්වේ O /L A /L /විශ්වවිද්‍යාලය කියන රාමුව ඇතුලේ සීරුවට නොගිහින් උගතෙක් වෙන්න බැහැ කියන සංකල්පය තව දුරටත් වලංගු නැහැ , උපාධි අධ්‍යාපනය වෙනුවෙන් තව ඕන තරම් විකල්ප ක්‍රම තියනවා.

එනිසා, කොන්කරා කොළ වලට විතරක් සීමා නොවී ,

දරුවන්ට ජීවිතේ උගන්නන්න මහන්සි වෙන්න , එයාලට ජීවිතේ දැනෙන්න දෙන්න ,දරුවා මනුස්සකම් දන්න හැඟීම් දැනීම් තියන මනුස්සයෙක් කරන්න උත්සාහ කරන්න .

එතකොට ඔය මොන විභාගෙ ෆේල් උනත් ඔයාගේ දරුවා ජීවිතේ කියන විභාගය ෆේල් වෙන එකක් නැහැ .

අධ්‍යාපනය කියල කියන්නෙ විභාග විතරක් නෙමෙයි ,

“පාසලේදී ඉගන ගත්තු සියල්ල අමතක උනාටත් පස්සෙ ඔයා ළඟ කොයි තරම් දැනුම ඉතුරු වෙනවද අන්න ඒ ටික තමා නියම අධ්‍යාපනය …”

අනිශා ජයකොඩි

Anisha Jayakody