
සුලබ බිරිඳක් ද, සුපිරි බිරිඳක් ද
සමීක්ෂණ වාර්ථා වලට අනුව ආසියාතික විවාහක කාන්තාවන්ගෙන් 60% ට වඩා වැඩි ප්‍රතිශතයක් ජීවත් වෙන්නෙ
” විචිකිච්චාවෙන් ”, සරළවම කිව්වොත් තම සැමියා වෙනත් කාන්තාවකට ආකර්ශනය වෙයිදෝ කියන සැකයෙන් ,
ලංකාවේ බොහෝ දික්කසාද සිද්ධින් සහ , පවුල් ප්‍රශ්න දිහා බැලුවහම මේ තත්වය මනාවට පේනවා , බොහෝ විවාහක කාන්තාවන් නැති ගැටළු සිතින් මවාගෙන , නොරිස්සන සුළු ස්වභාවයෙන් , ගැටළු ඇතිකරගනීමෙන් සැමියාගේ ආදරය පරීක්ෂාවට පත් කරගෙන ස්වයන් තෘප්තියක් හොයන බවට පැහැදිළියි .
බිරිඳ කියන බූමිකාව තුල තමාගේ සාර්ථකත්වයේ පරිමාව ගැන ඇතිවන අනිසි බිය සහ ස්වයන් අභිමානය අවම වීම නිසා විවාහය කියන රාමුව තුල බොහෝ කාන්තාවන් ඉන්නේ අවධානම් කළාපයේ ,ඔවුන් නිතරම තමාට වඩා හොඳ ආදේශකයක් තම සැමියා හොයා ගනීවි කියන බියෙන් පෙළෙනවා .
මේ කාරණාව සහ අවධානම ගැහැණුන්ට වගේම පිරිමින්ටත් එහෙමම තියනවා , ආදේශක හොයාගන්න අසීරු වන තරමේ unique සැමියෙක් , බිරිඳක් වීමට පුළුවන් ප්‍රමාණයෙන් හෝ උත්සාහ ගන්න එක ඉතින් කෝකටත් හොඳයි,
ආදරණීය බිරින්දෑවරු මොහොතක් වැයකරලා තම තමන්ගේ ජීවිත දිහා හැරිලා බලමු නිකමට වගේ ,ඔබට වැදගත්වන එක කරුණක් හරි පහල ඇති .
මනෝ විද්‍යාවට අනුව පිරිමින් ගැහැනුන්ට වඩා උපතින්ම සන්සන්දනාත්මකය. තත්පර කිහිපයකින් , එක බැල්මකින් ගැහැනියක් සම්පුර්ණයෙන්ම මනසට ගැනීමට ඔවුන්ට හැකියාවක් ඇත . කවර වූ කාන්තාවක් කෙරෙහි හෝ කුමක් හෝ තද ආකර්ශනයක් ඇති වූ විගස , විවාහකයෙකුනම් තම බිරිඳ හා ක්ෂණිකව ඔව්න් සංසන්දනය කරයි.එම ආකර්ෂණය සිතුවිල්ලකින් එහාටත් පවතිනවාද නැද්ද යන්න අර ඉහත කී සන්සන්දනේදී බිරිඳ හෝ පෙම්වතිය ලබාගන්නා ලකුණු මත බොහෝ විට පදනම් වෙයි.
වැඩේ එච්චර ලේසි නැත , අමාරුත් නැත සැමවිටම ඔබ ඉන්නේ වැඩි ලකුණු අතර නම් ඔබ ඉන්නෙ අවධානම් කලාපයෙන් බොහෝ දුර නම් සැප සතුට සැනසීම ඔබට බොහෝ ළඟය.කව්රු කෙසේ කීවත් පවුල් ජීවිතයක සාර්ථකත්වය සහ සතුට උදෙසා පිරිමියාට සාපෙක්ෂව වඩා වැඩිම යුතුකම් වගකීම් කොටසක් සොබා දහම විසින් ම කාන්තාව වෙත පවරා ඇත.
සීනි බෝල වැඩට තිත තබන්න.
මංගල සාරිය ගලවන විට සීනි බෝල පෙම්වතියගේ හැව ගැලවා ඉවත් කරගන්න මතක තබා ගන්න. අද සිට පෙම්වතා සැමියා වන අතර ඔබ බිරිඳ ලෙස වැඩ බාරගන්න අතර එහෙදී ඔබ multi skill විය යුතුමය.
කඳුළු සඟවන්න.
අවශ්‍යම විටක පමණක් ඔබගේ කඳුළු සැමියාට පෙන්නන්න. ඇඟිල්ල පුටුවේ වැදුනත් කෑ ගසා හඬපු කාලය අවසන් බවත්, තමන් ලේසියෙන් කඳුළු නොසලන බවත් සිතට ගන්න.ලෝකේ පෙරලුනත් මොන ප්‍රශ්නේ ආවත් ඔහු හා නොසෙල්වී සිටීමට හැකි බව ඔහුට පෙන්වන්න.
එවිට අහම්බෙන් වැටෙන ඔබේ කඳුලක් ඔහුගේ හදවතට තදින් දැනේවි.
රැකියාවේ වටිනාකම සහ දායකත්වය
ඉතාමත් අත්‍යවශ්‍ය වූවොත් මිසක විවාහයෙන් පසු රැකියාවෙන් ඉවත් වීමට නොසිතන්න. සැමියා සහ තම පව්ලේ ආර්ථිකය වෙනුවෙන් සම සමව ආත්ම අභිමානයෙන් යුතුව ඔබත් වෙහෙසෙන්න. හැකිනම් වැඩිදුර අධ්‍යාපනය සඳහාද යොමුවන්න.
දුවෙක් ලෙස ඔබේ දෙමවිපියන් ඔබ වෙනුවෙන් කැප කල ඔවුන්ගේ අවස්තික පිරිවැය නාස්ති වීමට නොදෙන්න. රැකියාව යනු මුදල් පමණක්ම නොවේ, එය බිරිඳක් ලෙස ඔබේ අභිමානය , ස්වාදීන බව , සහ පවුර්ශවත්බව ඔබට හිමිකර දෙයි .
මුදල් වලට අමරතරව රැකියාවක් තුලින් ආත්ම අභිමානය, නව දැනුම හා ලෝකයට විවර වීමේ හැකියාව, සමාජ පිළිගැනීම, ලැබෙන අතර පව්ලේ ආර්ථික ආරක්ෂාව සහ ශක්තිය වෙනුවෙන් ඔබගේ කැපවීම හිත ඇතුලෙන් ඔහුව සනසාවී. කිසියම් හේතුවක් මත රැකියාවක් කල නොහැකි නම් පැළයක් වවමින් ඇඳුමක් මසමින් හෝ කෙසේ හෝ ස්වයන් රැකියාවක හෝ නිරතවන්න. එසේත් නැත්නම් ගෙදරට කෑමට බීමට අවශ්‍ය එළවලු ,පලතුරු ටිකවත් ගෙදර වවාගෙන සැමියාට ආර්ථිකමය වශයෙන් හයියක් වෙන්න උත්සහ කරන්න.ඔහු හදවතින්ම ඔබව අගය කරාවි.
ඉවුම් පිහුම් ආදියෙහි දක්ෂයකු වන්න .
අනේ මන් උයන්න දන්නේ නෑ .අනේ මට බෑ නොකිය යූ ටියුබ් එකෙන් බලල හරි හොඳ කුක් කෙනෙක් වෙන්න.ගෙදර කුස්සිය යනු ඔබගේ ලකුණු සීග්‍රයෙන් අඩු වැඩිකරගත හැකි ස්ථානයක් වන අතර හුරතල් නොවී රසවත් කෑම බීම පිසීමට උනන්දු වන්න.
උදව්වට කෙනෙක් ඉන්න විටක වුවද ඔහු වෙනුවෙන් ඔබම කෑම පිසීම තුල පව්ල් ජීවිත වල බොහෝ ප්‍රතිශතාත්මක සාර්ථකත්වයක් රඳවා පවතින අතර එවිට නිතරම ඔහු එළියෙන් නොකා ගෙදරින්ම ඔබගේ කෑම කන්න ඉක්මනින් ගෙදර පැමිණේවි .
රහස් එපා.
ඔබ පිලිබඳ ඔබට පසුව වැඩිපුරම දන්නා පුද්ගලයා සැමියා කරගන්න.කොතරම් පාඩුවක් සිදුවුවත් , හිත රිදීමක් ඇතිවුවත් බොරු නොකියා ඇත්ත පමණක්ම ඔහුට පවසන්න. ඔබ පිලිබඳ කිසිවක් සමාජයෙන් ඔහුට දැනගැනීමට නොතියන්න. සියලුම ඇත්ත යටපත් කිරීමට එක බොරුවකට හැකි නිසා කිසිවිට සැමියාට බොරු නොකියන්න.
සෙමින් සෙමින් ඔහුත් ජීවිතයේ සියලුම ඇත්ත පමණක්ම ඔබට පවසාවි.
වටපිටාව සුන්දර කරන්න.
ඔබේ නිවාස නිදන කාමරය,සහ වටපිටාව සැම විටම සුන්දර සහ පිලිවල කරන්න. ඒවා එලෙස පවත්වාගෙන යාමට ඔහුවත් හවුල් කරගන්න. ඔබ කොතරම් කාර්ය බහුල වුවද , සුන්දර නිවසක් තුලින් පිළිබිඹු වන්නේ නිවසේ සිටින බිරිඳගේ ප්‍රතිරූපය බව වටහාගන්න. තෙත වූ තුවාය එහෙ මෙහෙ දමා ඇති විටක ඔබ විරුද්ද වූ විට මූන නරක කරගත්තද හිත ඇතුලෙන් ඔබෙගේ පිළිවෙල පිළිබඳව ඔහු ආඩම්බර වේවි. ඔහු ඒ පිලිවලට හුරුවේවි.
පිලිවල නිවසක් වෙනුවෙන් 5S සංකල්පය ඔබට උපයෝගී කරගත හැක.
බාහිරව මෙන්ම අභ්‍යන්තරවද සුන්දර වන්න.
ලෝක විවාහක රූ රැජිණ තරඟෙට නොගියට ඔබ බිරිඳක් ලෙස සමාජය ඉදිරියට යා යුතුව ඇත ,කෝ අපිට කාලයක් , අනේ වැඩ වැඩියි යයි නිදහසට කරුණු කියමින් නොසිට කෙසේ හෝ ඔහු සමග සමාජය ඉදිරියට යා හැකි අයුරින් වත් ඔබගේ බාහිර ස්වරූපය පවත්වාගැනීමට උත්සහ කරන්න.
වැදගත් වන්න .
වැදගත්කම යනු ඔසරියක් ඇඳගෙන මාලයක් දාගෙන සිටීම නොව, කොතරම් සමාජය හා මුසුවී කටයුතු කලද, තමාගේ ආත්ම ගෙෳරවය මෙන්ම සැමියාගේ ගෙෳරවය සුරැකීමයි.( අඳින ඇඳුම, මෝස්තර තමාගේ සහ සැමියාගේ අදහස් අනුව වෙනස් විය හැක)
ඔහුට මිතුරන් ඉදිරියේ කොන්ද කෙලින් සිට ගැනීමට බිරිඳගේ චරිතය සහ හැසිරීම ඉවහල් වෙයි. විවාහක බිරිඳකගේ වැදගත්කම චරිතය තුලින් පිලිබිඹු වෙයි.
හොඳම මිතුරා වන්න.
ප්‍රයෝගික ඇත්ත නම් විවාහයෙන් පසු ඔබේ මිතුරු අසුරටද සීමාවක් තිබිය යුතුය. ඔහු තනියම එලියට යනවට ඔබ විරුද්ද නම් ඔබ තනියම එලියට යාම නවත්වන්න. ඔබට ඔහු අවශ්‍ය බව අඟවන්න. ඔබ මිතුරන් තරමක් හෝ සීමා කර ඔහු වෙනුවෙන් කැපවන ප්‍රමාණය ඔහු තම මිතරන් ප්‍රමාණයකට සීමා කර ඔබ වෙනුවෙන් කැපවන ප්‍රමාණය තීරණය වේ.
ආර්ථිකය හසුරුවන්න.
සියලු බිල් ගෙවීම්, අනාගත යෝජනා, ඉතුරු කිරීම, මාසික වියදම්, හිතට කොතරම් බරක් වුවද, මේ සියල්ලට සමව දායක වන්න. අනේ මට මෙච්චරක් ඕනේ කියමින් සල්ලි ඉල්ලමින් ගානක් ඉල්ලන් ඇඟ බේරා ගන්නවා වෙනුවට, ප්‍රයෝගික ලෙස දෛනික ජීවිතය සහ අදායම යෙදවීමට ඔබ මැදිහත් වන්න. එවිට සියලු අදායම සහ වියදම විනිවිද බැවින් , වරදට පෙළඹීමක් සහ අනවශ්‍ය වියදම් දැරීමක් ඔහු තුල නොවේවි.
අනාගතය
ඉන්නම් වාලේ ඔහේ නොඉඳ ඔහු හා එකතුව අදට වඩා සොඳුරු හෙට දවසක් සඳහා යෝජනා ඉදිරිපත් කරන්න .ඒ සඳහා කැපවන්න .ඒ බලාපොරත්තු සඳහා ඔබත් යම් කාර්යභාරයක් ඉටු කරන්න. උදා – ඔහු ව්‍යාපාරයක් පටන් ගැනීමට අදහස් කරයි නම් ඔබ ගිණුම්කරණ පාඨමාලාවක් හදාරන්න.එවිට ඔබගේ අගය වැඩිවේවි.
ආදරය සහ රාගය.
විවාහ ජීවිතයේ වැඩිම ලකුණු සහිත වැදගත්ම කාරණාව මෙයයි..බොහෝ පිරිසකට අනුව බැන්දට පස්සේ , එයා වෙනස් වෙලා අප්පා, ඉස්සර වගේ ආදරේ නෑ .
චෝදනා රැසකි .හැබැයි කාන්තා අපි පවා බැන්දට පස්සේ වෙනස් වූ බව අපට අමතකය .
ගැහැණු අපි මෙන්ම ඔවුන්ද ආදරයට අතිෂය ලෝබය. එයා ඉස්සර වගේ ආදරේ නෑ කියමින් නොඉඳ ඉස්සරටත් වඩා ඔබ ඔහුට ආදරය කරන්න . ඉස්සර වගේම සලකන්න. ඉස්සර පෙරුම් පුරමින් මුණගැහුණු විට දැනුනු හැංගීම තරමක් දුරට නිතර දැකීම නිසාවෙන් අඩු විය හැකි නමුත් ආදරය දිනෙන් දිනම වැඩි කර , අලුත් කර ගත හැකිය.
ඔබේ කාර්යබහුල බවට ආදරය මැදට පැනීමට කිසිවිටකත් ඉඩ නොතබන්න.දෙන්න කලින් ඔවුන් කැමති ගන්නය . ඒ නිසා ඔබට ඔහුගේ ආදරය දිනෙන් දින වැඩි කරගැනීමට ඇති එකම ක්‍රමය නම් ඔබ ඉස්සරටත් වඩා ඔහුට අදරය් කිරීමය.ඉතා ඉකමනින් ඒ සඳහා ප්‍රතිචාර ලැබේවි.
රාගය – ඇඹුල් රස , පැණි රස, තිත්ත රස, කහට රස, හෝ එකිනෙකට අවේනික වූ වෙනස් රසයන් ගැහැනුන් තුල ගැබ්වී ඇතත් රාගය නමැති කාරණයේදී ඔවුන් සොයන්නේ සියලු රස එක් වූ fruit salad ය .එනිසා ඔහුට අවශ්‍ය ලෙස ප්‍රනීත fruit salad නිවසේදී සැපයීමට ඔබ දක්ෂ වන්න. එවිට පිට කෑම ට යොමුවී ලෙඩ වීමට ඔහු නොසිතයි.
විවාහයකදී කාන්තාවට ප්‍රේමය සහ සැමියාට රාගය යනු අතිශය වැදගත් කාරණා දෙකක් බව මනෝ විද්‍යාව පවා සාක්ෂි දරයි .
සොඳුරු සියුමැලි, හුරතල් පෙම්වතියක් පතන පෙම්වතුන් සැමියන් වූ පසු,
දැනුමෙන් බුද්ධියෙන් පෙනුමෙන් ,මෙන්ම ආර්ථිකයෙන්ද තමාට හයියක් වන යකඩ ගැහැනියක් සොයයි.
විවාහයෙන් පසු තාමත් ඔබ රඟන්නේ පෙම්වතියගේ චරිතයම නම් සමහරවිට ඔහු තාවකාලික හෝ ස්ථිර replacement වලට යොමු වීමේ අවධානමක් ඇත.
මන්ද ගැහැනුන් මෙන් දුක් විඳිමට සහ ඉවසා දරාගැනීමට පිරිමින් දක්ෂ නැති අතර ඔවුන් වැඩිපුර මානසික වේදනා වලට ඔවුන් කමැතිද නැත .
අහම්බෙන් හෝ කවර හෝ දාක හෝ නිකමට වගේ ඔබේ සැමියාත් ලකුණු සංසන්දනයක් කලත්, නොකලත්, ඔබේ විවාහ ජීවිතයේ සතුට සහ සැනසුම වෙනුවෙන් ඔබ වැඩි ලකුණු පවත්වාගැනීම ඔබේ සතුට වෙනුවෙන් ඉතාමත්ම වැදගත්ය .
අනේ මල කෝලම්… කසාද බැඳලා මෙච්චර දුක් විඳින්නේ මොකටද? මෙච්චර දේවල් , කැපකිරීම් කරන්නේ මොකටද?කියල දෙනදේ කාල වෙනදේ බලන බිරිඳක් ලෙස ඔහේ සිටිනවාද , ශරීර ශක්තියෙන් කෙසේ වෙතත් මොහොතක් ගෙදර නැති උනත් ගෙදරම පාලු වෙලා යන ආකාරයේ සකලවිද දස්කම් ඇති super women කෙනෙක් වෙනවාද කියා ඔබට තීරණ කල හැක.
බිරින්දෑ වරු කොතරම් සකලවිද හැකියා සහිත වුවත් කිසි අගයක් නැති දෙලොවටම නැති අයාලේ යන සැමියන් ද නැතුවම නොවේ .
මෙච්චර දේවල් කරලත් හදාගන්න බැරිනම්,
”සිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ’
කියමින් ඕන මගුලක් කරගන්නට කියා හිත හදාගෙන වෙන අතක් බලගනීමට ද මෙවැනි ආදේශක අඩු බිරින්දෑ වරුන්ට මහ කජ්ජක් නම් නොවේ .
අනිශා ජයකොඩි
Anisha Jayakody