
රැඩිකල් ගැහැණු ..
අපි මේ ඉන්නෙ 21 වෙනි සියවසේ , ඉස්සර කාන්තාවට සාපේක්ෂව බැලුවම වර්තමාන ගැහැණිය ඉන්නේ බොහෝ ඉදිරියෙන් ,
ඒ දියුණුව, ඒ රැඩිකල් බව කොච්චරද කිව්වොත් සමහරු ගැහැණු රැඩිකල් වෙන්න හිතාගෙන ගැහැණු කමත් අභිබවා ගිහින් ..
ගැහැණු කියන්නෙ උපතින්ම මැජික් කාරයො , එක සැරේ දෙතුන් දෙයක් ගැන හිතන්න පුළුවන් , වැඩ උනත් එක සැරේ දෙක තුනක් වැඩ කරන්නත් පුළුවන් , ඒ වගේම පිරිමින්ට වඩා ගෑනු උපතින්ම සවුන්දර්යාත්මකයි ,
මට සිලිටුයි , ආදරණීයයි , බොළඳයි ..එතන තමයි ගැහැණු පිරිමින්ට වඩා වෙනස් වෙන්නෙ .
මේ මටසිළුටු , බොළඳ කම කියන්නේ , හුළඟක්වත් වදින් නැතුව ගෙයක් අස්සේ හැංගිලා ඉඳලා , කසාදයක් බැඳලා ඊට පස්සේ ස්වාමි පුරුෂයා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්න,
කැරපොත්තෙක් දැක්කත් මුත්‍රා පහවෙන, කොන්ද කෙලින් තියාගෙන වචන දෙකක් කතා කරගන්න බැරි සීනි බෝල බබෙක් වෙන්න කියන එක නෙමෙයි .
ඉගනගන්න , රස්සාවක් කරන්න , ෆැෂන් කරන්න , මොඩ් වෙන්න , නටන්න , සමාජගත වෙන්න , දේශපාලනය කරන්න, පවුර්ශවත් වෙන්න මේ හැමදේම ගැහැණු කරන්න ඕනේ, හැබැයි ඒ අස්සෙ සොබා දහම මවපු කාළයේ තාලයට ගැළපෙන විදිහට ගැහැණු කමත් තියෙන්නඕනේ..
ඒත්, සමහරු ඒ සීමාවත් පසුකරලා තව දුර ගිහින් අමුතුම විදිහකට රැඩිකල් වෙලා ,
එයාලා කොච්චර රැඩිකල්ද කියනවනම් ,
මගෙ හස්බන්ඩ් මාර හොඳයි ,හැබැයි එයාට මගෙන් බබෙක් ඕනෙලු , මම කැමති නැහැ ළමයි හදන්න ,මට ඕනේ ලයිෆ් එක එන්ජෝය් කරන්න ඒ නිසා ඩිවෝස් උනා ..දැන් ඉතින් ලයිෆ් එක එන්ජෝය් කරනවා ..
මගෙ අලුත් boyfriend හෙන old fashion අනේ , එයා කැමති නැහැ මම ex boyfriend එක්ක chat කරනවට , මම කැමති modern life එකකට , ඒ නිසා අපි බ්රේක් උනා ..
මම කැමති නැහැ ,house work වලට , මේ කෝපි කාලේ නෙමේනේ අනේ , ගෙවල් අස් කරන්න , උයන්න , තේ හදන්න , ඕවා කරන්න පුළුවන් කාටද ? nails කැඩිලා , skin ඩල් වුනහම වැඩක් තියනවද ?
ඔන්න ඕකයි තත්වය ,
රැඩිකල් වීම කොච්චරක්ද කිව්වොත් එයාලා , ගැහැණු කම් පහුකරගෙන පිරිමි කම් වලටත් එහා ගොඩක් දුර ගිහිල්ලා ,
ගෑණියෙක් වෙලා ඉපදිලා හූනෙක් ඇඟට වැටුනම මුත්‍රා යනවනම් , කොල්ලෙක් ජැක් එකක් ගැහුවම ඌට කණ ගැලවෙන්න දෙකක් කියන්න කට හයිය නැත්තම්,මිනිහා දාලා ගියොත් ජීවත් වෙන්න විදිහක් දන්නෙ නැත්තම් , ආර්ථිකව ස්ථාවර නැත්තම් , කව්රු හරි රවලා බැලුවම කඳුළු එනවනම් , මූණේ කුරුලෑවක් ආවම වහ බොන්න හිතෙනවනම් , ඒ ගැහැණු නෙමෙයි , එකෙන්ම උපන් ගෙයි කරුම ,
හැබැයි එහෙමයි කියලා , රැඩිකල් උණ සන්නිපාතේ හැදිලා , එක සැරේ කොල්ලෝ දෙතුන් දෙනෙක් එක්ක ඩේටින් කරන්න හිතෙනවනම් , ගෙදර වැඩට ඉන්න කෙනා ගමේ ගිහාමවත් උයලා පිහලා , වලන් දෙක තුන හෝදලා ගෙදර අස් කරගන්න බැරි නම් , ස්වාමියා කන්න ආස කෑමක් බීමක් ඉඳලා හිටලා හරි හදලා දෙන එක පවක් කියලා හිතෙනවනම් , මිනිහට දරුවන්ට හොරෙන් යාලුවොත් එක්ක බාර් එකකට ගිහින් වැටෙනකම් බීලා නටන්න හිතෙනවනම් , දරුවෝ වෙනුවෙන් එක රැයක් නිදිමරන්න බැරිනම් , උන්ගේ පස්ස හෝදලා නිදිකරවන්න බැරිනම් , ඉඳලා හිටලා හරි සැමියාට තුරුල් වෙලා හුරතල් වෙන එක මෝඩකමක් කියල හිතෙනවනම් , මාස දෙකතුනකට සැරයක් හරි , සැමියා එක්ක බලෙන් වලියක් දාගෙන හරි හොටු පෙර පෙර අඬන එක ලැජ්ජාවක් කියලා හිතෙනවනම් , ඒක රැඩිකල් කම නෙමෙයි ..
ඒ නොලැබීම ,
ගෑණු අපි පිරිමින්ගෙන් සම තැනද මොකද්ද ඉල්ලලා බොරුවට කෑ ගැහුවට ඇත්තටම ගැහැණුන්ට නිසි තැන තියෙන්නේ පිරිමින්ට වඩා ගොඩක් ඉදිරියෙන් , ඒ නිසා තමයි ගෘහ මුලිකයා තාත්තා වෙන ගොඩක් පවුල්වල ප්‍රධාන තීරකයා අම්මා වෙලා තියෙන්නේ ..
දියුනුවෙච්ච , සමගියෙන් ඉන්න , ලස්සන පවුල් දිහා නිකමට බලන්න , ඒ හැමතැනම ගෘහණිය පිරිමියා පවා අබිබවා ගිය ගැහැණුකම් පිරුණු හයිය ගැහැණියෙක් ..
රැඩිකල් වෙන්න ගිහින් ගැහැණුන්ට අවේනික ඒ සුන්දර ලාලිත්‍ය, ආදරණීය දක්ෂකම්, වාසනාවන්ත බොළඳ කම් නැතිකරගත්තොත් අන්තිමට ඉතුරුවෙන්නෙ පිරිමින්ටත් වඩා මෝරපු දරදඬු වෙච්ච ගස් වගේ ගැහැණු ..
ලෝකේ දිනපු බොහෝ ගැහැණු එළියට පිරිමි වගේ හිටියට ගෙවල් වලදි ගැහැණු කම් උතුරන නියම ගැහැණු ,
රැඩිකල් වෙනවා කියන්නෙ අන්න ඒකට,
නැතුව සොබාදහම මවපු ගැහැණුකම් ඔක්කොම මරලා දාලා අමුතු ජීවීන් කොටසක් වගේ හැසිරෙන ගැහැණු ළඟ ගොඩක් වෙලාවට අන්තිමට ඉතුරුවෙන්නෙ කඳුළු විතරයි..
ගෑහැණු රැඩිකල් වෙන්න ඕනෙ ගෑණුකම් අස්සෙ මිසක් පිරිමිකම් අස්සෙ නෙමෙයි , ගැහැණුකම සම්පුර්ණයෙන්ම මරලා ඕනවට වඩා රැඩිකල් වෙච්ච ගැහැණු දැක්කම ලස්සනයි , හැබැයි ටිකක් වෙලා බලන් ඉද්දී අප්පිරියයි ..ඒකයි..
ඕනවට වඩා බොරුවට පොෂ් වෙන්න, බොරුවට බිසී වෙන්න, අමුතු විදිහට රැඩිකල් වෙන්න ගිහිං ගැහැණු නැති කරගන්නේ, තමන්ට ජීවිතේ විඳින්න තියන රසවත්ම කොටස කියල තේරෙනකොට සමහරවිට ඔයා පරක්කු වැඩි වෙයි..
අනිශා ජයකොඩි
Anisha Jayakody