දිනමිණ පුවත්පත (යොවුන් ජනතා ) 26/12/2020
ස්තුතියි Rajitha Basnayake මහතා
E paper http://epaper.dinamina.lk/
වර්ථමාන ගීත කළාව වෙනස් විය යුත්තේ ඇයි ?
මිනිස්සු , කන්නෙ බඩගින්නට , වතුර බොන්නෙ තිබහට , බනින්නේ තරහට ඒකෙන් අදහස් වෙන්නෙ , බොහෝ ක්‍රියාකාරකම් වලට නිශ්චිත හේතුවක් තියනවා කියන එක , හැබැයි සමහරක් දේවල් තියනවා ඒ දේවල් වල වැදගත්කම එක හේතුවකට ලඝු කරන්න බැහැ , සරළවම කිව්වොත් ඒවා multi functional … ගීත කළාවත් අන්න ඒවගේ සංගීතය විශ්ව භාෂාවක් කියන්නෙ ඒ නිසා වෙන්න ඇති , තේරුම නොදැන වුනත් තනුවට , හඬට පවා ඇබ්බැහි වෙලා ගීතය විඳින්න පුළුවන් .
දුකට, වේදනාවට, සතුටට, විරහවට, තරහට, ඉච්චාභ0ගත්වයට, පාළුවට , තනිකමට මේ ඕනෑම දේකට ලේසිම පහසුම ප්‍රථිපලදායකම විසඳුම තමයි ” ගීතය හෙවත් සංගීතය ” කියන්නෙ ..
මොනතරම් විවුර්ථ පුද්ගලයෙකුගේ ජීවිත කථාවක වුනත් , සංවුර්ථ කොටසක් තියනවා ම තමයි . කාටත් හොරෙන් තනියම විඳින හෝ විඳවන ඒ කොටසේ සතුට හෝ දුක , සමතලා කරන්න පුළුවන් එකම තැන ගීතය විතරයි ..
තමන්ට අදාළ , තමන්ට දැනෙන ගීතයක් කොහෙන් හරි ඇහුන සැනින් ක්ෂණයකින් වසර ගානක් පස්සට ගිහින් ඒ මතක අතරේ අතරමන් වෙලා ඒ හැඟීම විඳගන්න ඉඩ හදලා දෙන්නෙ ගීතයම විතරයි ..
විරහව පපුව මැද හරියෙන්ම කොනිත්ත්නකොට , ගුණදාස කපුගේ මහතාගේ” දුක හාදු දෙන රැයේ ”,වික්ටර් රත්නයකයාණන්ගේ ” එපා හිරු පායන්න අදින් පසු මගෙ ලොවට ” අහම්බෙන් හරි කණට වැටුණා කියන්නෙ , මනෝ උපදේශකයෝ දෙතුන් දෙනෙක් ලඟට ගිහින් උපදෙස් ගත්තා වගේ තමයි , ඒ තරමටම වේදනාවේ දරුණුම කොටසක් සමනය වෙනවා නියතයි ..
පණ වගේ බලාගත්ත පෙම්වතිය තමන්ව අත්හැරලා වෙන කෙනෙක්ට අයිති වුන වෙලාවක පිහියක් අරගෙන් ගිහින් අනින්න තරම් තරහක් හිතේ තෙරපෙන මොහොතක උනත් රොහාන් ශාන්ත බුලේගොඩ මහතාගේ ”එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට ” ඇහුනොත් පපුවේ ගිණි ඇස් දෙකෙන් පිටවෙලා , තරහ සුසුමක දැවටිලා , ලොකු සහනයක් එක්කම වයිරී හැඟීම වෙනුවට උපේක්ශාවේ චායාවක් දැනෙනවම තමයි ..
හැබැයි 90 දශකයෙන් පස්සේ එහෙම නිර්මාණ කළුනික වගේ වුණා , ගෝලීයකරණය හා තාක්ෂණ දියුණුවේ එක් ඍනාත්මක කොටසක් විදිහට මිනිස්සු අතිශය කාර්යබහුල වුනා , ගීතයක් අහලා ඒකෙ රසයට ලවෙන්න , අර්ථයට සමවැදෙන්න , ඒ වචන අස්සේ ජීවිතේ දියකරලා ඇරලා සැහැල්ලු වෙන්න , විනාඩි දෙක තුනක් නාස්ති කරන්නත් මිනිස්සු ලෝභ වුනා , හැමදේම බිස්නස් වෙච්ච සමාජයක සංගීතය කියන විශ්ව භාෂාවත් ලංසු තියලා විකිනෙන්න පටන් ගත්තා , මිනිස්සුන්ට නොතේරුණාට ඔන්න ඔතනදී තමයි බොහෝ අපරාධ වල සහ සමාජ පරිහාණියේ තිඹිරි ගෙය නිර්මාණය වුනේ ..
රසවත් හරවත් ගීත වෙනුවට හරසුන් පදසුන් ගීත පොකුරු පිටින් බිහිවෙනකොට මුදල් මතම පමණක් හඹා යන මාධ්‍ය මගින් හදවතට ගැයෙන ගීත සඟවා කකුල් දෙකට ගැයෙන ගීත විතරක් ප්‍රචාරය වෙනකොට ,සුන්දර නිර්මාණකරුවන්ට ඉල්ලීම අඩු වෙලා ගියා , අහන කළාව වෙනුවට බලෙන් අස්සවන සංගීත කළාව නිසා , ගෙදර ගුවන්විදුලියෙන් රූපවාහිනියෙන් විතරක් නෙමෙයි අන්තරජාලය හරහා පවා කියන කෙනාටත් අහන කෙනාටත් කාටවත්ම තේරුමක් නැති , වචන ටිකක් හඬමින් හොටුපෙරමින් , වැළපෙමින් , වැළලෙමින් විළාපයක ස්වරූපයකින් කියවනවා ඇහෙනවා විතරයි ..
එවැනි ගීත තුලින් රිදුන හිතට සහනය කෙසේ වෙතත් හොඳට ඉන්න මිනිස්සුන්ටත් එල්ලිලා මැරෙන්න හිතෙන එක තමයි වෙන්නේ …
විඳින්න නොදන්නා ජාතියක ගමන ගැන ඉතින් තවත් කවර කථාද ? තරහක් , දුකක් කලකිරීමක් , විරහවක් වගේ ආවේගයන් වලට වෙලාවට සංගීතය ඔසුවක් කරගත්ත මිනිස්සු වර්ථමානයේදී එවැනි ආවේග වලදී කෙලින්ම අතට ගන්නේ එක්කෝ ලණුව , නැත්තම් දුම්රිය කාල සටහන , එහෙමත් නැත්තම් පිහිය , කඩුව , ඇසිඩ් බෝතල් වගේ දේවල් , එහෙමත් නොවෙන සමහර මිනිස්සු ආතතිය , විශාදය , ඩිමෙන්ශියා ක්ලින්ක් වල හරි අංගොඩ මානසික රෝහලේ හරි තමයි ..
වාර්ථා වලට අනුව , ලංකාවේ සෑම වැඩිහිටියන් දහ දෙනෙකුන්ගෙන් තුන් දෙනෙක්ම මානසික ආතතියෙන් පෙළෙනවා , දියවැඩියාව , කොලෙස්ටරෝල් , රුධිර පීඩනය සඳහා බෙහෙත් බොනවා , මානසික පීඩනයෙන් විඳවනවා ,..ඍජුව පෙන්වීමට නොහැකි වුනත් , රසවත් සාරවත් කළාවක් , සංගීතයක් නැති කම නිසා , මිනිස්සුන්ගේ විඳීමේ සීමාව ඉක්මවා විඳවීමේ සීමාව ලංවෙලා තියනවා ,
පවතින ආර්ථිකමය කාරණා සහ රට යන රැල්ල නිසාවෙන් රසඥතාවයෙන් හෙබි නිර්මාණ වලට ලැබෙන ඉඩ කඩ අවස්ථා හරිම අල්පයි තමයි , නමුත් රසික හදවත් තාමත් එදා වගේම රසවත් ගී පිපාසයෙන් පෙළෙනවා , ඒකට හොඳම උදාහරණය තමයි , වර්ථමාන ගීත තරඟ බැලුවම , අපි ඉපදෙන්නත් කලින් බිහිවුන ගීතම තමයි අදටත් ඔවුන්ගේ හඬින් පිටවෙන්නේ , මොකද හතු පිපෙනවා වගේ බිහෙවෙන කසිකබල් සිංදු දවසක් දෙකක් බැබලි බැබලි තිබ්බට මිනිස්සුන්ගේ හදවතේ රැඳෙන්නේ නැහැ , හතු වගේම ඉබේම වේලිලා යනවා ..
රසවත් ගීතයක් යනු මානසික ඔසුවක් , මනුස්සකමේ නහරවලට පණ දෙන අමුර්ථයක් , කියාගන්න බැරි තරමේ අමුතුම රහක් ,
රැල්ලට නොයා උඩුගම් බලායාම හිතන තරම් ලේසි නැහැ තමයි , හැබැයි ඒක සමාජ සේවයක් , ඒ වගේම මේ මොහොතේ සමාජ විකාශනයක් වෙනුවෙන් අත්‍යවශ්‍යම දෙයක් ,
නුතන දක්ෂ නිර්මාණකරුවන් ලස්සන හඬවල් ටිකක් එක්ක එකතු වෙලා , තරුණ දක්ෂ තනු නිර්මාණ කරුවන් සමග අත්වැල් බැන්දගත්තොත් ලංකාවේ මිනිස්සුන්ගේ හදවතේ ගැස්ම සංගීතය මගින් ධනාත්මකව වෙනස් කරන්න අපිට බැරි නැහැ ..
ඇල්මැරුණු කලකිරුණු ජාතියේ විඳින නරහ , ගීතයෙන් සංගීතයෙන් පණ ගන්වන්නට සුදුසුම කාළය තමයි මේ ..
අනිශා ජයකොඩි