මනුස්ස බැඳීම් කියන්නේ මහ පුදුම දෙයක්.
හිනාවෙන්න කථා කරන්න විනෝද වෙන්න යාළුවො සිය ගානක් අපි වටේට හිටියත්,අපිවත් නොදැන අපේ යටිහිත ඒ එක එක අයව එක එක තැන්වල තමයි ස්ථානගත කරලා තියෙන්නේ.
ඒක අපි පුද්ගලිකව හිතලා කරන දෙයක් නෙමෙයි, ඒ එක එක්කෙනාව අපිට feel වෙන තරම සහ ඒ අයට අපිව feel වෙන මට්ටම,දිහා යටිහිත හොඳින් බලන් ඉන්නවා, එහෙම කාළයක් බලලා count කරලා යටිහිත ඕක valuation report එකකට ගන්නවා.
හිත අපේ උනාට,ඒ report එක සාමාන්‍ය ජීවිතේදී අපිටවත් පෙන්නේ නැහැ.
ඔහොම ඉඳිද්දී, අපිට තදට රිදිච්ච දවසට , ලොකු සතුටක් දැනිච්ච දවසට හරි උත්තර නැති ප්‍රශ්නෙක පැටලිච්ච දවසක වගේ මොකක්ම හරි දරාගන්න බැරිතරමේ හැඟීමක විඳීමක් හෝ විඳවීමක් එක්ක අපි පැටලිලා තදින් ගැටෙන දවසට තමයි, හදවත අර කලින් හදන් හිටපු valuation report එක අපිට කරළියට ගෙනත් දෙන්නේ.
අන්න එදාට ඒක දැකලා සමහරවිට ඔයාට ඔයා ගැනම පුදුම හිතෙනවා.එක්කෝ ලැජ්ජා හිතෙනවා, නැත්තම් පසුතැවෙනවා.
උදාහරණයක් විදිහට, ඔෆිස් එකේ කැම්පස් එකේ යාළුවො තොගයක් හිටියට, හිතපු නැති වෙලාවක අම්මා ලෙඩ උනොත්, කෙල්ල දාලා ගියොත්, එක පාරටම මතක් වෙන්නෙ අර ලඟම ඉන්න සෙට් එක නොවී ගමේ ඉස්කෝලේ දහයේ පන්තියේ හිටපු යාලුව වෙන්න පුළුවන්.
එක්කෝ අවුරුදු ගානකින් කතාත් නොකරපු පරණ යාලුවෙක් වෙන්න පුළුවන්.එහෙමත් නැත්තම් වෙන නෑදෑ කෙනෙක් වෙන්න පුළුවන්, සමහර විට ජීවිත්ට ඉස්සරහට හම්බෙලා නැති සයිබර් අවකාශයෙ කෙනෙක් වෙන්න පුළුවන්.
හැබැයි job එකේ promotion එකක් හම්බුනොත් ඒක මුලින්ම කියන්න හිතෙන්නේ අර කලින් ප්‍රශ්නෙ වෙලාවේ මතක් වෙච්ච කෙනා නෙමෙයි වෙන්න පුළුවන්.
ඔය අතරේ weekend එකේ ට්‍රිප් එකක් යන්නොනේ කියලා හිතුනොත් ඔලුවට එන්නේ අර දෙන්නම නොවී වෙනනම එකෙක්.
එහෙම ගිහින් අතේ සතේට හිඳිලා මාසේ රන් කරන්න බැරි වෙලා ලෝන් එකක් දාගන්න ඕනෙ උනොත් හිත ඔලුවට ගෙනත් දෙන්නේ, ඕකට අරූට කථා කරලා වැඩක් නෑ, අරයා ට කථා කලොත් නම් වැඩේ කරගන්න පුළුවන් කියලා වෙන පැත්තකම ඉන්න කෙනෙක්.
ඇත්තටම වෙලාවකට ඒක මහ පුදුම දෙයක්.
අවුරුදු ගානකින් කථා නොකරපු, හලෝ නොකියපු,සමහරුන්ගෙන් කෝල් එකක් එද්දිම සමහර විට අපි හේතුව දන්නවා,
ආ… මූට සල්ලි කීයක් හරි ඕනෙ වෙලා, ආ ඔන්න මූට මොකක් හරි ප්‍රශ්නයක්..
ඒකනේ මාව මතක් වෙලා තියෙන්නේ,කියලා කියන්න තරම් අපිට කොච්චර නම්
“ඉවක් “දැනිල තියනවද?
අන්න ඒකයි මන් මුලින්ම කිව්වේ, සම්බන්ධතා වල බැඳීම් හරීම පුදුමාකාරයි කියලා,
ඔන්න ඕක නිසා තමයි යාළුවො දහස් ගානක් අස්සේ උනත් කියාගන්න කෙනෙක් නැතුව තනිවෙලා දුක් විඳින විශාදය එක්ක වලි කන මනුස්ස ආත්ම හැංගිලා තියෙන්නේ,
මොකක් හරි උනාට පස්සේ,අඩේ ඌ ඔච්චර හිටියා අපිට ඔය ගැන කිව්වේ නෑනේ, නිකන්හරි කිව්වනම් අපි උදව් කරනවනේ කියලා කිව්වට ඇත්තටම හදවත අපිට ඇනලයිස් කරලා දෙනවා මේකට විසඳුම් දෙන්න තරම් ලඟ බැඳීම මොකද්ද කියලා, එහෙම හිතට එකඟ නැති බැඳීම් ඉස්සරහ මිනිස්සුන්ගේ කටවල් ඇරෙනවා අඩුයි.
මොකද අපිත් නොදැන අපේ හදවත බැඳීම් යාළුකම් වලට, සම්බන්ධතා වලට, යම් යම් සම්බාධක පනවලා තියෙනවා , අපි නොදන්නවා උනාට හිත දන්න්නවා මේක කියන්න ඕනෙ, මේක විඳින්න ඕනෙ කා එක්කද කියලා,
අන්න ඒ නිසා තමයි, සමහර දුකම දවස්වල අපිට අපිවත් නොහිතන පරණ යාළුවො ඔලුවට එන්නෙ, අනේ එයා මේ වෙලාවේ එයා හිටියනම් කියලා හිතෙන්නේ..
මොකද,ඔයා නොදන්නවා උනාට ඔයාගේ බැඳීම් වල analys report එක හිත විසින් හදලා ඉවරයි,
ඔයාට තදින්ම රිදිච්ච දවසක යටිහිත ඒ රිපෝර්ට් එක ඔලුව මැද්දට ගෙනත් දෙයි.
තමන්ගේ යටිහිත මේ තරම් වටිනාකමක් දීල තිබ්බ සම්බන්ධකම් වලට ඔයා කුඩම්මාගේ සැලකිලි කරලා තිබ්බොත්, අන්න එදාට ඔයාට සමහරවිට ඔයා ගැනම ලැජ්ජා හිතෙයි.
සරළවම කිව්වොත් ,
බැඳීම් හරි පුදුමාකාරයි.
සමහර බැඳීම් අපේ ඇස් අස්සට කොච්චර ලං වෙලා තිබ්බත් හිතේ අහලටවත් ඇවිත් නැහැ, තවත් සමහර බැඳීම් හැතප්ම දහස් ගානක් දුරින් තිබ්බත්, හදවතට අංශුවක් වත් දුර නැහැ.
අනිශා ජයකොඩි