
මගේ හස්බන්ඩ් ප්‍රයිවට් කම්පැණි එකක මැනේජර් කෙනෙක් , මමත් කලින් වැඩකලේ එතන ,වෙඩින් එකට කලින් මම ජොබ් එකෙන් අයින් උනා , මහත්තය කොම්පැණියෙන් ලෝන් එකක් අරන් මට හම්බෙච්ච ග්‍රටිවිටි ටිකත් දාලා ,අම්මලගෙනුත් සල්ලි ටිකක් ඉල්ලගෙන ගෝල් ෆේස් හොටෙල් එකේ අපේ වෙඩින් එක ගත්තා ,කොහොමත් ලක්ෂ 40 විතර ගියා වෙඩින් එකට , හැමදාම බඳින්නෙ නෑනෙ ඒ නිසා හිතේ හැටියට වෙඩින් එක ගත්තා .
අපි දැන් ගේ හදලා තියන ඉඩම හස්බන්ඩ්ට එයාගෙ පවුලෙන් හම්බුනේ , ගේ හදන්න ඇස්ටිමෙට් එක කෝටි දෙකක් , හැමදාම ගෙවල් හදන්නෙ නෑනෙ ඒ නිසා හදන ගේ තට්ටු තුනට ලස්සනට හදන්නයි හිතුවේ , ගේ හදන්න ඉඩම බැංකුවට උගස් කරලා ලෝන් එකක් ගත්තා , පවුලේ හැමෝටම කාර් තිබ්බ නිසා අපි විතරක් බස් එකේ යන එක මදිකමක් නිසා ලීසින් කරලා ටොයෝටා කැමරි එකක් ගත්තා , හස්බන්ඩ්ට සැලරි එකට අමතරව ලොකු කමිෂන් එකක් හම්බුන නිසා මුලදි කිසි අවුලක් උනේ නෑ ,
බැඳලා මාස නමයෙන් මම ප්‍රෙග්නන්ට් උනා , අපේ පවුලේ හැමෝම වගේ ඩිලිවරි කරේ ප්‍රයිවට් හොස්පිටල් වල , ඒ නිසා මමත් තෝරගත්තෙ ඇපලෝ එක , පුතා ඉපදෙනකොට කහ වෙලා තිබ්බ නිසා හිතුවට වඩා වියදම ඩබල් උනා ,අන්තිමට රත්තරන් බඩු ටික විකුණලා තමයි හොස්පිටල් බිල සෙට්ල් කලේ .
රත්තරන් බඩු විකුණපු එක ගැන තිබ්බ කලකිරීම නිසා මම හිටියෙ පීඩනයෙන් , දරුවා ගැන වත් ලොකු ආදරයක් දැනුනේ නෑ .
දැන් මේ කොරෝනා නිසා හස්බන්ඩ්ගෙ කමිෂන් ඔක්කොම කපලා ,හම්බෙන බේසික් එක ගෙදර ලයිට් බිල් වතුර බිල් ගෙවල බබාගෙ වියදම් කලාම කන්නත් මදි .පෙට්‍රෝල් දාන එක වියදම් වැඩි නිසා හස්බන්ඩ් දැන් වැඩට යන්නෙ බස් එකේ .කාර් එකේ ලිසිං ,ගෙදර ලෝන් ඔක්කොම ඇරියස් වෙලා , යාලුවන්ගෙන් සල්ලි ඉල්ලන්න ලැජ්ජයි ,
ඔක්කොටම වැඩිය දැන් හස්බන්ඩ් හරියට වෙනස් වෙලා , හැමදේම කලකිරිලා වගේ ඉන්නෙ පුතාව වත් වඩාගන්නෙ නෑ .අපි හිනා වෙලා හිටපු දවසක් වත් මට මතක නැහැ.
තව ටික දවසකින් ගේ වෙන්දේසි කලොත් හස්බන්ඩ් වහබොනවලු ලැජ්ජාව නිසා .දැන් මන් මොකද කරන්නේ ? මට දැන් ජීවත් වෙලා ඇති වෙලා .
අපි දෙන්නට දැන් රෑට නින්ද යන්නෙත් නෑ ,ඉන්නෙ පිස්සු වැටිලා ,ගොඩ ඒමක් ඇත්තෙම නෑ ,දැන් බෙල්ලෙ වැල දාගන්න හිතිලා තියෙන්නෙ , අනේ මට මේකෙන් ගැලවෙන්න විදිහක් කියන්න .
නම නොකිව්වට මේක සත්‍යම සිද්ධියක් !!!!
…………………………………………………………………
අළුතෙන් හදන ගෙවලුයි , පාරවල් හිර වෙන තරමට තියන මිළ අධික වාහන තොගෙයි දැක්කම ලංකාව දුප්පත් රටක් උනේ කොහොමද කියලා පුදුමත් හිතුනට , ලංකාව කියන්නෙ ලෝකෙ ණය බර වැඩිම රටක් ,
හැමෝම පුළුවන් හැම විදිහටම හැම තැනකටම ණය වෙනවා .පටන් ගන්නෙ මහ තැනින් , ආණ්ඩු වලින් රටේ තියන ඔක්කොම සම්පත් වෙන වෙන රටවල් වලට උගස් කරලා මුළු ලෝකෙටම ණය වෙනවා .
මහජනතාව සණස බැංකුවෙන් පටන් අරන් රටේ තියන ඔක්කොම බැංකු වලින් ලෝන් ගන්නවා ,කොම්පැණියෙන් ලෝන් ගන්නවා ,ගේ හදන්න ඉඩම උගස් තියලා ,කාර් එක ගන්න ගෙදර උගස් කරනවා .
තමන්ට පුළුවන් දේ ,තමන්ට පුළුවන් ප්‍රමාණයෙන් නොකර ,සමාජෙට පේන්න ව්‍යාජ සමාජ මට්ටමක් හොයන්න ගිහින් තියන කුට්ටමත් නැති කරගන්නවා.
අන්තිමට , සැනසීමෙන් ලස්සනට විඳින්න තියන ජීවිත විහින් විඳවනවා
කසාද බඳින්නේ එක පාරයිනේ ඒක නිසා ලෝකෙටම ණය වෙලා තියන දෙයක් විකුණලා හරි වෙඩිම
ගන්නවා , රම්පෙට පොරි හැලෙන්න ,(කියන්න සංතෝෂයි සාපේක්ෂව , ලෝකෙ දියුණුම රටවලටත් වඩා කසාද බඳින්න වැඩියෙන්ම වියදම් කරන රටවල් දෙකක් තමයි ලංකාව සහ ඉන්දියාව , මැරෙනකම් ණය ගෙව්වත් මොකද ඇට්ටි හැලෙන්න මගුල් කාලා කියල හිතලා ජීවිතේම උගස් කරලා හරි මගුළ කනවා )
ජීවිතේට එක සැරයයිනෙ ගෙයක් හදන්නෙ , ඒ නිසා හදන එක හදන්න ඕනේ කව්රුත් නොහදපු විදිහේ ටොප් ගෙයක් .කොම්පැණියෙන් දාපු ලෝන් එක මදිනම් , ඔප්පුව උගස් තියලා හරි තට්ටු දෙක තුනක ගෙදරක්නම් හදන්නම ඕනෙ. ළමයි දෙන්නෙක් හිටියට කාමර හයක් වත් නැත්තම් කිසි ගතියක් නෑ .ණය උනාට ලෝකෙට පේන්නෙ නෑ ,හැබැයි ගේ ලෝකෙට පේනවා …ඒ නිසා ගෙදර සුපිරියට තියෙන්න ඕනෙ .
ඉස්සරහ බස් හෝල්ට් එක තිබ්බත් , වාහනයක් අත්‍යවශ්‍ය නොවුනත් ගෙදර ගැරිජ් එක හිස්වෙලා තියෙද්දි කිසි ගතියක් නැහැ ,ඒ නිසා ලීසින් කරලා හරි කාර් එකක් නම් ගන්නම ඕනෙ ,නෑදෑයො අහල පහළ මිනිස්සු ඔක්කොටම වාහන තියෙද්දි අපි විතරක් බස් වල යන්නෙ මොකටද ?ලිසිං එක හිමින් ගෙවනවා
රජයේ ඉස්පිරිතාල තිබ්බත් හෙම්බිරිස්සාවට බෙහෙත් ගන්නෙත් දොස්තර චැනල් කරලා ,අතේ සතේ නැති උනාට ක්‍රෙඩිට් කාඩ් එක තියන හින්දා ලෝස් බෝස් නෑ ,
ලෝකෙ අනිත් රටවල මිනිස්සු වියදම් කරන්නෙ තමන්ට අවශ්‍ය දේවල් වලට ,ජීවත් වෙන්නෙ තමන්ට ඕන විදිහට ,ඒ උනාට අපේ රටේ මිනිස්සුන්ගේ ජීවන රටාව තීරණය වෙන්නෙ නෑදෑයොන්ට අහල පහළ මිනිස්සුන්ට පේන්න , ,ආදායමේ හැටියට ජීවත් වෙනවා වෙනුවට බහුතරයක් ජීවත් වෙන්නෙ ලෝකෙට පේන්න .
මගුල් කන්නෙ , ගෙවල් හදන්නෙ ,කන්නෙ බොන්නෙ අඳින්නෙ පළඳින්නෙ හැමදේම කරන්නෙ ණය වෙලා .
අන්තිමට ජීවිතේම ජීවිතේම උගස් වෙලා.
බහුතරයකට,ඉතුරු කරනවා තියා මාසයක් ජොබ් එක නැති වුනොත් ජීවිතේට බැකප් ප්ලෑන් එකක් වත් නැහැ.
ඒකට ලොකුම හේතුව මිනිස්සුන්ට තමන්ගෙ මට්ටම තේරුම් ගන්න බැරි කම මිසක් උද්දමනය ම නෙමෙයි.
ඒ නිසා ලංකාවෙ මැදි වයස පැනපු බහුතරයක් මිනිස්සු ජීවත් වෙන්නෙ ණය ගෙවන්න ..
ලස්සන ගෙයක් හැදුවට සැනසීමේ නින්ද යන්නෙ නෑ ,
වාහනයක් තිබ්බට හිත සතුටින් පවුල එක්ක ට්‍රිප් එකක් යන්න නෑ .
ලෝන් ඇරියස් වෙලා , ලීසිං හිරවෙලා ඔළුව අවුල් වෙලා හිතට සතුටක් නෑ , වයසට ගියත් සැනසිල්ලක් නැහැ .තමන් මැරුණට පස්සෙ ළමයින්ටත් ගෙවන්න ණය ඉතුරු වෙලා .
බඳින්නෙ එක සැරයයි ,ගෙවල් හදන්නෙ එක සැරයයි වගේම ජීවත් වෙන්නෙත් එක සැරයයි තමයි දෙයියනේ
ඒ ඉන්න ටිකේ ලෝකෙට පේන්න නෙමෙයි තමන්ට පුළුවන් විදිහට ජීවත් වෙන්න ,
හූල්ල හූල්ල කල්පනා කර කර ඉඳලා හාර්ට් ඇටක් ,කොලෙස්ටරෝල් ,ප්‍රෙෂර් හදාගෙන ජීවිතේම අනාගෙන ලෝකෙට ණය කාරයෙක් වෙලා මැරිලා යන්නැතුව ආදායමේ විදිහට ජීවිතේ හදාගන්න .
ලොකු මාලිගාවක ණය බරෙන් ,පීඩනයෙන් හූල්ල හූල්ල ජීවත් වෙනවට වඩා ,
රටට ණය නැති මිනිහෙක් වෙලා හිතේ නිදහසෙන් පැල්පතක මැරෙන එක සැපයි .
ජීවිතේ හැම දේටම වඩා වටිනාම දේ තමයි මානසික සැනසීම !!!!
මොනදේ නිසා වත් ඒදේ නැති කරගන්න එපා
අනිශා ජයකොඩි