ජීවත් වෙලා මැරෙන්න
ඔයා ජීවත් වෙනවද කියලා මම ඔයාගෙන් ඇහුවොත් ???
මොන joke ප්‍රශ්නයක්ද කියලා හිතෙනවා නේද ?
ඒ වුනාට ඔයා දන්නවද ලෝකෙ ගොඩක් මිනිස්සු ජීවත් වෙන්නේ නැහැ , ජීවත් වෙන්න ලෑස්ති වෙනවා විතරයි ..
හුස්ම වැටෙනවා කියන එකේ තේරුම පණ තියනවා, කියන එක මිසක් ජීවත් වෙනවා කියන එක නම් නෙමයි .
පොඩි කාලේ ඉගනගෙන , තරුණ කාලේ රස්සාවකට සුදුසුකම් එකතු කරගෙන ඔන්න අපි ජීවත් වෙන්න ලැස්ති වෙනවා .ඒ කාලේ ඇවිදින්න යන්න , විනෝද වෙන්න උවමනාවක් තිබ්බත් අතේ සල්ලි නැහැ , රස්සාවක් කරන කාලෙක ජීවිතේ හිතේ හැටියට විඳිනවා කියල හිතලා, හිත හදාගෙන අයින් වෙලා පයින් යනවා..
රස්සාවක් හම්බුනා කියමුකෝ , දැන් ඉතින් ගෙයක් හදන්න සල්ලි ඉතුරු කරන්න මහන්සි වෙනවා , කාර් එකක් ගන්නවා , ඔහොම යනකොට කසාදයකුත් බඳිනවා ,ඔයාට බඳින්න
උවමනා නැතත් සමාජෙට ඕන නිසා බැඳෙනවා..
බැඳලා සහකාරයා එක්ක සතුටෙන් සැනසිල්ලේ ජීවත් වෙන්න හීන දකිනවා , එහෙම හිතුවට ඉතින් වෙන්නෙ වෙන දෙයක් .මාස දෙකක් යනකොට ඔයාට කෙසේ වෙතත් ලෝකෙට ඕන නිසා ළමයි හදනවා..
ළමයි ඉපදෙනවා , ආ දැන් ඉතින් ළමයි ලොකුකරන්න , එයාලට උගන්වන්න තියනවනේ ,නොකා නොබී දරුවො වෙනුවෙන් කැප වෙනවා,
ළමයි ලොකු උනාම අපිට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් කියල හිතල ජීවතේ විඳින එක දරුවො ලොකු වෙන කම් පස්සට දානවා .
දරුවෝ ලොකු වෙනවා , එයාලා එයාලගේ ලෝකේ හොයාගෙන යනවා ,
දැන් : ඔබට සල්ලිත් තියනවා ,වෙලාවත් තියනවා , වගකීම් වලිනුත් නිදහස් , ඔන්න දැන් ඉතින් ජීවිතේ මග හැරිච්ච කොටස් ටික මතක් වෙන්න ගන්නව, හූල්ල හූල්ල දැන් වත් ජීවිතේ විඳින්න පටන් ගන්න හිතනවා ,
හැබැයි ඒ වෙනකොට ,
ඔයත් නොදැනිම ඔයා වයසට ගිහින් , ශරීර ශක්තිය අඩු වෙලා , දියවැඩියාව , කොලෙස්ටරෝල්, ප්‍රේෂර් ඔයාව හොයන් ඇවිත්, එහෙමත් නැත්තම්, මුණුබුරෝ,ලොකු කරන්න වෙලා..
උපන් දා ඉඳලා ,ඉගන ගත්තා , ගෙවල් හැදුවා , දරුවෝ හැදුවා , දේපල එකතු කළා , රස්සාවල් කරලා සල්ලි හම්බකලා , ”හැමදේම කරන්න මතක් උන ඔයාට, ජීවත් වෙන්න නම් අමතක වෙලා,
දැන්, දරුවො, බෑණ, ලේලි,කාලා, බීලා, ඇවිදලා, සතුටෙන් ඉන්නව දැක්කම අපි නම් ඔය කාලෙ ඔය විකාර කළේ නැහැ, කියල පොඩි පොඩි නෝක්කඩු කියවෙන්නත් පටන් අරන්..
ඒත් ඒ වෙනකොට ඉතින් පරක්කු වැඩියි .
…………………………………
කව්රු පරක්කු උනත් මේක බලන ඔයානම් තාමත් පරක්කු නැහැ .
සාමාන්‍ය මනුස්සයෙක් ජීවත් වෙන්නේ උපරිම දවස් වලින් දවස් 35000 විතර තමයි .
ඔය කාලෙ තමයි ඉතිං ඔක්කොම නැටුම් නටන්න තියෙන්නෙ .
ඉගන ගන්න , රස්සාවල් කරන්න, හම්බ කරන්න ඕනේ , හැබැයි අසීමිතව නෙමයි ,සීමාවක් සහිතව ..
රස්සාව වෙනුවෙන් ජීවිතේම කැපකරන්න එපා , පුළුවන් හැම වෙලාවකම ආදරණීයයන් එක්ක ඇවිදින්න යන්න , අත්දැකීම් , මතක සටහන් එකතු කරන්න , පිටරටකට ට්‍රිප් එකක් යන්න .
පුළුවන් විදිහට හැමෝටම උදව් කරන්න , පිනක් කුසලක් කරන්න, හිනා වෙන්න , නටන්න , ආදරේ කරන්න , රිලැක්ස් වෙන්න ,
නිදහසේ කල්පනා කරන්න , බාටා දෙකක් දාගෙන හන්දියක ඔහේ ඇවිදින්න , ආස සින්දුවක් දාගෙන රෝඩ් ටුවර් එකක් යන්න , පොඩි කාලේ තිබ්බ හීන සැබෑ කරගන්න ,
ලස්සනට අඳින්න , දරුවෝ , බිරිඳ , යාළුවො එක්ක සතුටෙන් කාලය ගත කරන්න .
එතකොට ඔබට ජීවත් වෙනවා වගේ දැනෙයි .
රස්සාව නැති උනොත් තව එකක් හොයාගන්න පුළුවන් , හැබැයි ගත වෙච්ච කාළය ආයි ගන්න බැහැ .
වයසට ගිහින් අතපය වාරු නැති උනාම මතක් කරලා හිනාවෙන්න හරි, හිත වගේම ගතත් හයිය කාලෙ, ජීවිතේ හොඳට විඳින්න .
මොන දේ කල් දැම්මත් ජීවිතේ විඳින එක කල් දාන්න එපා , මොකද ඔයාට ජීවිතේට බායි කියලා යන්න වෙන දවස අදද, හෙටද කියල කියන්න දන්නේ නැහැ .
හෙට ට කල් නොදා, පුළු පුළුවන් විදිහට මේ මොහොතේ දැනෙන්න ජීවත් වෙන්න .
ජීවිතේ හැම කාලයක්ම සතුටින් විඳපු මිනිස්සු , ජීවත් වෙන්නෙත් සතුටින් , ඒ වගේම මැරෙන්නෙත් සතුටින් ..
එහෙම මිනිස්සුන්ට පසු තැවීමකුත් නැහැ..
ඒක නිසා හුස්ම අරගෙන විතරක් නෙමෙයි, ජීවත් වෙලාම මැරෙන්න…
අනිශා ජයකොඩි
Anisha Jayakody